25.8 C
Galle

අලියකුට ගිනි තියන අයුරු වීඩියෝ කළ සිසුවාට වනජීවියෙන් කෙනෙහිළි

Published:

වන අලියකු පුළුස්සා ඝාතනය කරන ආකාරය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ ජංගම දුරකථනය වනජීවී නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ලබාගෙන ආපසු නොදීම හේතුවෙන් එම ජංගම දුරකථනය හිමි විශ්වවිද්‍යාල ශිෂ්‍යා දැඩි අපහසුතාවකට පත්ව සිටියි.

සාමාන්‍යයේන ජංගම දුරකථනයක් පොලිසිය භාරයට ගැනීමට පවා උසාවි නියෝගයක් අවශ්‍ය බව නීති වේදීහු පෙන්වා දෙති.

අලියාට හිසා කරමින් පුළුස්සා මරා දමන ආකාරය එම විශ්වවිද්‍යාල සිසුවා විසින් පටිගත කළ වීඩියෝවක් හේතුවෙන් රටටම හෙළිදරව් විය. මේ වනවිට එම දුරකථනය වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ජනවාරි මාසයේ දී එම ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන විභාගයට මුහුණ දීමට නියමිතව ඇති අතර ඔහුට අවශ්‍ය විෂය සටහන්, දේශන පටිගත ිකරීම්, පුද්ගලික ලේඛන සහ අධ්‍යයන දත්ත සියල්ල ඇත්තේ එම ජංගම දුරකථනයේ ය.

මේ හේතුවෙන් එම සිසුවා දැඩි අපහසුතාවකට පත්ව සිටියි.

Related articles

Recent articles

error: Content is protected !!