ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) වැඩි ඡන්ද 03කින් පරාජයට පත්විය.
අයවැයට පක්ෂව ඡන්ද 57ක් හිමි වූ අතර විරුද්ධව ඡන්ද 60ක් ලැබිණි.
කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් විසින් අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එම අයවැයට පක්ෂ විපක්ෂ බව නම් කියා විමසීමෙන් පැවැත්විණි.


