25.8 C
Galle

දිවි ගමන නිමා කළ, ප්‍රවීණ රංගධරයා

Published:

ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ කොළඹ පුද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූයේ ය. මියයනවිට 84 වැනි වියේ පසු වූ ඒ මහතා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහගෙග් සහෝදරයාය.

1941 පෙබරවාරි 10 වැනි දා කැලණියේ දී උපත ලැබූ හෙතෙම ඉතාමත් කෙටි රංගනයකින් සම්මානයට පාත්‍ර වූ කලාකරුවකු ලෙස ප්‍රකට වූයෙකි. ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ “කොටි වලිගය” චිත්‍රපටයේ තරුණයකුගේ චරිතයට තත්පර 90 ක ඉතාමත් කෙටි කාලයක් රංගන දායකත්වය දුන් සතිස්චන්ද්‍ර එදිරිසි එම රංගනය හේතුවෙන් සම්මානයක් ද ලබා තිබේ.

වරක් බෞද්ධ භික්ෂුවක් ලෙස රඟපෑ සචිස්චන්ද්‍ර 1987 දී සරසවි සම්මාන උළෙලේ දී ජූරියේ සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

සිය රංගන ප්‍රතිභාවෙන් මෙන් ම අධ්‍යක්ෂණයෙන් ද නාට්‍ය, ටෙලි නාට්‍ය හා වේදිකාව ආලෝකමත් කළ සතිස්චන්ද්‍ර එදිරිසිං 1963 දී බක තපස් නාට්‍යය වේදිකා නාට්‍යය නිෂ්පාදනය කළේය.

Related articles

Recent articles

error: Content is protected !!