රජයේ අනුමත සිංහල සහ දෙමළ පාසල් 2026 පළමු පාසල් වාරය සඳහා පන්ති ආරම්භ කිරීම ලබන ජනවාරි 05 වැනි දා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එලෙස ආරම්භ වන්නේ පළමු පාසල් වාරයේ පළමු අදියරයි. ඒ අනුව 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය 2025.12.09 නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වේ. 2026 දෙවැනි සහ තෙවැනි පාසල් වාරයන් 2025 සැප්තැම්බර් මස 11 වැනි දින 30/2025 දරණ පාසල් වාර සටහන – 2026 චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පාසල් විභාග පැවැත්වෙන දිනයන්හි වෙනසක් සිදුනොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
ඒ අනුව සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය ඊයේ (22) දින ද, මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දින ද අවසන් කිරීමට නියමිතය.
මුස්ලිම් පාසල් සඳහා 2025.12.27 දින සිට 2026.01.04 දින දක්වා ද පාසල් නිවාඩු ලබා දී තිබේ.


