26.4 C
Galle

“මූල්‍ය පාලනයේ විනිවිද බව රැකීමට, විගණකාධිපතිවරයකු පත්කරන්න” – නීතිඥ සංගමය ඉල්ලයි

Published:

රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිධ භාවයට ආරක්ෂා කිරීමටත් ජාත්‍යන්තර විශ්වාසය තහවරු කිරීමටත් විගණකාධිපතිවරයකු කඩිනමින් පත්කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ස්ථිර විගණකාධිපතිවරයකු ඉක්මණින් පත්කිරීම අත්‍යාවශ්‍ය බව එම සංගමය පෙන්වා දෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු මේ දක්වා ස්ථීර විගණකාධිපතිවරයකු පත්කර නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) ව්‍යවස්ථාව යටත් පිහිටුවා ඇති විගණකාධිපති ධුරය සමස්ත රාජ්‍ය ආයතන වල වගකීම තහවුරු කරන ප්‍රධානතම කාර්යභාරය ඉටුකරන තනතුරකි.

ශ්‍රී ලංකාව දැනට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ආර්ථිකය ගොඩනගමින් සිටින අතර දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු විනාශය වෙනුවෙන් විශාල වශයෙන් විදේශ ආධාර ලැබෙමින් පවතී. මෙවැනි අවස්ථාවක රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳ විනිවිදභාවය උපරිමයෙන් තිබිය යුතු බව ද නීතිඥ සංගමය ජනාධිපතරයාට යොමුකළ ලිපිය මගින් පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා මීට පෙර ඉදිරිපත් කරන ලද නාමය ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්ත දිනාගැනීමට අපොහොසත් වී ඇති බැවින් දේශපාලන වශයෙන් පක්ෂපාතී නොවන ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් සහ ස්වාධීනත්වයක් ඇති ව්‍යවස්ථාදායක සභාවේ පොදු එකගතාවය දිනාගත හැකි පුද්ගලයෙකු පත් කළ යුතු බව එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Related articles

Recent articles

error: Content is protected !!