ඉන්දියාව විශාඛාපට්නම් වෙරළ ආසන්න බෙංගාල බොක්කේ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන INS අරිගාට් සබ්මැරීනයක් මගින් K-4 ලෙස නම්කර ඇති මෙම මිසයිලය අත්හදා බලා ඇත.
කිලෝ මීටර 3,500ක් දුර ඇති ඉලක්කයකට ටොන් 2.5ක න්‍යෂ්ටික යුධ ශීර්ෂයක් එල්ල කිරීම සඳහා නිපදවා ඇති මෙම නව මිසයිලය මෙතෙක් ඉන්දියාව අත්හදා බැලූ මුහුදේ සිට එල්ල කළ හැකි විශාලතම මිසයිලය වෙයි.
ඉන්දියන් හමුදාවට මුහුද පදනම් කරගත් න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාව වැඩිදියුණු කිරීමට මෙම මිසයිලය විශාල ශක්තියක් සපයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය ඉන්දියාවේ අරිහන්ත් ප්‍රාන්තයේ සබ්මැරීනවලින් දියත් කිරීමේ හැකියාව පවතී.


