විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල පරිපාලනය සඳහා සිදුකරන අනවශ්‍ය බලපෑම් සහ මැදිහත්වීම් නතර නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල ආාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාාර්ය චාරුදත්ත ඉලගසිංහ පවසයි.
විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් පත්කිරීම පවතින ආණ්ඩුවල අවශ්‍යතාව මත සිදුවුව ද නව පනතින් එමම තත්වය පිටුදැක ඇතත් විශ්වවිද්‍යාලවලට පත්වන පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය නව පනතින් පාලක සභා වෙත පවරා තිබීම ගැටලුවක් බව ද එම සංගමය පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර විශ්වවිද්‍යාල කොමිසමේ සභාපතිවරයාගේ බලපෑම මත එම තීරණය ද දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි ද FUTA පවසයි.


