25.8 C
Galle

සුනාමි සමරා, ජාතික සුරක්ෂිත දිනය අද

Published:

ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයට විශාල බලපෑමක් කරමින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන් කළ සුනාමිය සිදු වී අදට වසර 21ක් සම්පූර්ණ වෙයි.සුනාමියෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම සඳහා මෙන්ම එවැනි ආපදාවලින් ආරක්ෂා වීමේ වැදගත් කම අවධාරණය කිරීම සඳහා 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයක ම දෙසැම්බර් ම 26 වැනි දා ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර සැමරුම් උත්සව පැවැත්වීමට කටයුතු කර ඇත.

ඒ අනුව අද (26) දිනයේ දී ද පැරෑලිය සුනාමි ස්මාරකය අසළ ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වෙන අතර රට පුරා විවිධ ස්ථානයන් හි දී සුනාමි සැමරීම සිදුකරයි.

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ සිදු වූ භූමිකම්පාවෙන් හටගත් සුනාමි රළ ශ්‍රී ලංකාවට ඇතුළු වී වැඩිම විනාශයක් සිදුකළ ගාල්ල නගරයට සුනාමි රළ පැමිණි වේලාව වූ පෙරවරු 9.25 සිට 9.27 අතර කාලයේ දී රටපුරා මිනිත්තු දෙකක නිහඬතාවක් ද පවත්වයි.

මෙම නිහඩ කාලය සඳහා ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට එකතු වන්න යැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලමක් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!