27 C
Galle

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

Published:

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගෙන් ප්‍රශ්න කිරීමේ දී සොයා ගන්නා ලද ගිනි අවියක් සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා හිටපු අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙම ගිනි අවිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සතුව තිබිය දී සොයාගෙන ඇත්තේ ඔහුගෙන් 2019 වර්ෂයේ දී කරන ලද ප්‍රශ්න කිරීමක දී ය. ඉන් අනතුරුව එම ගිනි අවියේ අංක පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එය 2001 වර්ෂයේ දී හිටපු අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දාට පුද්ගලික පරිහරණය සඳහා යුද හමුදාව විසින් ලබාදුන් ගිනි අවියක් බවයි.

එම ගිනි අවිය තමන් සන්තකයේ නෙමෙැති වීම සහ එය අස්ථානගත වීම සම්බන්ධයෙන් පැහැදිළිව ප්‍රකාශ කිරීමට හිටපු අමාත්‍යවරයා අපොහොසත් වීම හේතුවෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!