26.9 C
Galle

මාලිමා මන්ත්‍රිනියගේ, විදුහල්පති සැමියා දරුවකුට අමානුෂික ලෙස පහරදීලා. පොලිසිය නිහඬයි

Published:

විදුහල්පතිවරයා විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් දින 08ක සිට රෝහල්ගත වී සිටින දරුවකු සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන බව එම දරුවාගේ දෙමාපියෝ චෝදනා කරති.

පොලිසිය මෙලෙස නීතිය ක්‍රියාත්මක නොකරන්නේ අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා නියෝජිතවරියක බැවින් යැයි ද දෙමාපියෝ සහ ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකි. මේ වනවිට එම සිසුවා දින 08ක සිට හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර පහර දීම සම්බන්ධයේන සූරියවැව පොලිසියට ද පැමිණිලි කර ඇත.

නමුත් මේ දක්වාම ඒ  සම්බන්ධයෙන් කිසිදු සාධාරණයක් ඉටුවී නැතැයි දෙමාපියෝ චෝදනා කරති. පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම මඟහැර සිටීම සම්බන්ධයෙන් දෙමාපියන් විසින් මාතර සහ හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇත. මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව ද දෙමාපියෝ කියති.

Related articles

Recent articles

error: Content is protected !!