25.7 C
Galle

AI අනාගතයට අභියෝගයක් ? ගවස්කාර්ගේ පැමිණිල්ලට ඉන්දීය අධිකරණය දුන් තීන්දුව

Published:

ඉන්දියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු මෙන් ම ප්‍රකට විස්තර විචාරකයකු වන සුනිල් ගමස්කාර්ගේ අවසරයක් නොමැතිව ඔහුගේ නාමය හෝ ඡායාරූප වාණිජමය අරමුණු සඳහා භාවිතා කිරීම වළක්වාලමින් ඔහුට අදළ සියලු දේ පැය 72ක් ඇතුළත ඉවත්කරන ලෙස Google, Meta සහ X ඇතුළු වෙබ් අඩවි සහ අන්තර්ජාලයේ සේවා සපයන ආයතන කිහිපයකට ම නවදිල්ලි මහාධිකරණය නියෝග කර තිබේ.

ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයකු වන ගවස්කාර්ගේ පෞරුෂය, අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට පද මහාධිකරණය එහි දී ප්‍රකාශ කර තිබේ.

AI තාක්ෂණය ඔස්සේ ගවස්කාර්ගේ පෞරුෂත්ව ලක්ෂණ භාවිතා කිරීමෙන් විත්තිකරුවන් කිහිප දෙනෙකු ද වළක්වා ඇති අතර අන්තර්ජාලයට උඩුගත කරන ලද ඇතැම් අන්තර්ගතයන් ඉවත් කරන ලෙස නියෝග කරමින් අතුරු තහනම් නියෝගයක් ද මේම සමඟ නිකුත් කර තිබේ.

ගවස්කාර්ගේ නම, රූපය සහ සමානත්වය භාවිතා කරමින් වෙළඳ භාණ්ඩ බෙදාහරින සමාජ මාධ්‍ය අතරමැදියන්ට ද ඒවා ඉවත් කරන ලෙස නියෝග කර ඇත. පරිශීලකයින් නියමිත කාලය තුළ අන්තර්ගතයන් ඉවත් කිරීමට අපොහොසත් වූවහොත් සමාජ මාධ්‍ය වේදිකා ප්‍රවේශ අක්‍රිය කළ යුතු බවද දිල්ලි මහාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවෙහි සඳහන් වේ.

සමාජ මාධ්‍ය පිටු කිහිපයක් තමාට ව්‍යාජ උපුටා දැක්වීම් ආරෝපණය කරන බවත් අන්තර්ජාල විකුණුම්කරුවන් කිහිප දෙනෙකු තමා ව්‍යාජ ලෙස සම්බන්ධ කර ව්‍යාජ අත්සන සහිත අයිතම සහ වෙනත් වෙළඳ භාණ්ඩ ලබා දෙන බව ද හිටපු සුනිල් ගවස්කාර් අධිකරණය හමුවේ පැමිණිලි කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!