වන අලියකු වෑන් රථයක ගැටීමෙන් අලියා මියගොස් ඇති බවත්, තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ කාන්තාවක් හබරණ රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය පවසයි.
අද (27) අලුයම 1.00ට පමණ හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 124 කිලෝමීටර කණුව ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇත.
කවුඩුල්ල වනජීවී නිලධාරීන් පවසන්නේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය සහ හුරුළු පාරිසරික උද්‍යානය අතර ප්‍රධාන මාර්ගය හරහා මෙම අලියා ගමන්කරන්නට ඇති බවයි. මියගිය අලියා උස අඩි 05ක් පමණ වන අතර වයස අවුරුදු 12ක් පමණ වෙතැයි සිතිය හැකි ය.
සිද්ධිය සම්බන්ධයේන හතරැස් කොටුව පොලිසිය සහ කවුඩුල්ල වනජීවී නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.


