27 C
Galle

කොළඹ සහ හලාවත අතර දුම්රිය ධාවනය හෙට සිට

Published:

කොළඹ සිට හලාවත දක්වා දුම්රිය ධාවනය හෙට (29) උදෑසන සිිට ආරම්භවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් එම දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් විනාශ වී යාමෙන් පසු අලුත්වැඩියා කිරීම් අවසන් වී ඇති බැවින් දුම්රිය කිහිපයක් මෙලෙස ධාවනයට එක්කරන බව දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම මාර්ගයේ කුඩා වැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටි ඔය හරහා පවතින දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදා ගෙන යාම හේතුවෙන් කොළඹ දුම්රිය ධාවනය අත්හිටුවීමට සිදුව තිබිණි. මේ හේතුවෙන් හලාවත දුම්රිය ස්ථිනායේ ගාල්කර තිබූ දුම්රිය කට්ටල 05ක් මෙතෙක් ධාවනයට එක් නොකළ අතර එම මාර්ගයේ දුම්රිය ධාවනය සිදුකෙරුණේ නාත්තන්ඩිය දක්වා පමණි.

කොළඹ කොටුව සහ හලාවත අතර හෙට උදෑසන සහ සවස් කාලයේ ධාවනය කරනු ලබන කාර්යාල දුම්රියන් පහත පරිදි වේ.

හලාවත සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය කරන වේලාවන්

උදෑසන 4.20, 4.50, 5.30, 5.50, 6.10

කොළඹ කොටුව සිට හලාවත දක්වා

සවස 4.30, 4.45, 5.18, 6.10, 7.10

දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඩී.ඩී.ඒ.සමරසිංහ පවසන්නේ මීට අමතරව කොළඹ කොටුව සහ මීගමුව අතර උදෑසන සහ සවස් කාලයෙ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවවන කරන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!