අද කොටස් වෙළෙඳ පොළ
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 29,970ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,707ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 63ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,132ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කලම්බු ඩොක්යාඩ් සමාගම ( R ) රුපියල් මිලියන 892
- කලම්බු ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියනෙ 585
- ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 251
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- කලම්බු ඩොක්යාඩ් සමාගම ( R ) කොටස් මිලියන 13
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 11
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 10
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කලම්බු ඩොක්යාඩ් සමාගම 30 %
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25%
- හේලීස් ෆයිබර් සමාගම 16 %
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 369
- ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 323
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 323
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 92ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 292ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 200ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 77
- හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 05
- එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 152
- ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 71
- කාර්ගීල්ස් බෑන්ක් රුපියල් මිලියන 48
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


