25.3 C
Galle

ළමුන්ගේ ආරක්ෂාව සඳහා චීනය AI නීති දැඩි කරයි

Published:

කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ක්‍රියාත්මක වන චැට්බොට් සහ අනෙකුත් සේවාවන් ළමුන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා චීනය නව දැඩි නීති හඳුන්වා දීමට යෝජනා කර ඇත.

මෙම නීති කෙටුම්පත් ඉකුත් සති අන්තයේදී චීන සයිබර් අවකාශ පාලන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එය අවසන් වූ පසු චීනය තුළ භාවිත වන සියලුම AI සේවාවන්ට අදාළ වේ.

ළමුන්ට විශේෂ ආරක්ෂණ

නව නීති අනුව, ළමුන්ට භාවිතය සුරක්ෂිත වන ලෙස විශේෂ සැකසුම් ලබාදිය යුතු අතර AI භාවිතයට කාල සීමා යෙදිය යුතුය. එසේම ළමුන්ට මානසික සුවය සම්බන්ද සේවාවන් ලබාදීමට පෙර මව්පියන් හෝ භාරකරුවන්ගේ එකඟතාව ලබාගත යුතුය

ළමුන්ගේ ආරක්ෂාවට අදාළ සංවාදයක් හෝ අවදානම් තත්ත්වයක් හඳුනාගත් විට, මනුෂ්‍ය නියෝජිතයෙකු වහාම ඒ සඳහා මැදිහත් විය යුතු අතර, අවශ්‍ය නම් භාරකරු හෝ හදිසි සම්බන්ධතාවය දැනුවත් කළ යුතු බවද නීති වල සඳහන් වේ.

AIට යෙදෙන සීමා

AI සේවාවන්ට, ප්‍රචණ්ඩත්වය දිරිගන්වන, සූදුව ප්‍රවර්ධනය කරන සහ රටේ ආරක්ෂාවට හා සමාජ එකමුතුභාවයට හානි කරන අන්තර්ගතයන් නිර්මාණය කිරීම හෝ බෙදාහැරීම තහනම් කර ඇත.

නව තාක්ෂණයට “නීති සමඟ” ඉඩ

චීන බලධාරීන් පවසන්නේ, ආරක්ෂිත සහ විශ්වාසනීය ලෙස භාවිත කළ හැකි නම් AI තාක්ෂණය දේශීය සංස්කෘතිය ප්‍රවර්ධනයට, වැඩිහිටියන්ට සමාගමක් ලෙස සහ දෛනික ජීවිතයට පහසුකම් සැලසීමට භාවිත කිරීම ඔවුන් දිරිගන්වන බවයි.

ඇයි මේ නීති?

චීනය ඇතුළු ලෝකයේම AI චැට්බොට් සේවාවන් ඉතා වේගයෙන් ජනප්‍රිය වීමත් සමඟ, මිනිසුන්ගේ හැසිරීම් හා මානසික ආරක්ෂාවට ඇති බලපෑම ගැන අවධානය වැඩි වී ඇත.

ඒ නිසාම, මෙම නව නීති, AI තාක්ෂණය භාවිත කරමින් ළමුන් සහ සාමාන්‍ය ජනතාව වඩාත් ආරක්ෂිත පරිසරයක තබා ගැනීමට හඳුන්වා දෙන පියවරක් ලෙස බලධාරීහු සඳහන් කරති.

Related articles

Recent articles

error: Content is protected !!