27.3 C
Galle

රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සමීර බණ්ඩාර කපුකොටුවට

Published:

2025 රාජ්‍ය රූපවාහිනි සම්මාන උළෙල පසුගිය 23 වැනිදා ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා .

එහිදී 2025 වසරේ රූපවාහිනී වැඩසටහන් සහ නාට්‍ය ක්ෂේත්‍රයට අදාළව මෙහිදී සම්මාන පිරිනැමුණු අතර ජාතික රූපවාහිනියේ විකාශය වූ “අපි” ටෙලි නාට්‍ය සම්මාන 11කට නිර්දේශ වී සම්මාන හතක් ලබා තිබෙනවා.

ඒ අනුව,

* හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – සමීර බණ්ඩාර කපුකොටුව

* හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය – සිසිකිරණ පරණවිතාන

* හොඳම සංස්කරණය – ශාන් අල්විස්

* හොඳම සංගීත අධ්‍යක්ෂණය – මිලින්ද තෙන්නකෝන්

* හොඳම ශබ්ද පරිපාලනය – විශ්ව ද සිල්වා

* හොඳම නිළිය – උමාලි තිලකරත්න

* හොඳම සහය නළුවා – චම්පික ප්‍රියදර්ශන

* හොඳම තිර රචනය – සමීර බණ්ඩාර කපුකොටුව (නිර්දේශිත)

* හොඳම ටෙලි නාට්‍ය නළුවා – හසිත වැන්දබෝනා (නිර්දේශිත)

* හොඳම කලා අධ්‍යක්ෂණය – අශෝක් වාස් (නිර්දේශිත)

* හොඳම අංගරචනය – ලසිත අමරබන්දු (නිර්දේශිත)

‘අපි’ ප්‍රාසාංගික ටෙලිනාට්‍ය විශේෂ හැකියා සහිත මිනිසුන්ගෙ ජීවත තේමා කරගනිමින් නිර්මාණය කර තිබීමද මෙහි විශේෂත්වයක් වනවා.

Related articles

Recent articles

error: Content is protected !!