23.1 C
Galle

විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදෙයි

Published:

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) 2026 ජනවාරි 07 වන දින විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට කටයුතු යොදා ඇත. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම දියත් කිරීම සිදු කිරීමට නියමිත අතර ඊට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබා දීමටද කටයුතු කර ඇත.

මෙම අවස්ථාව සඳහා IASL හි නිලධාරීන්, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), සියලු සාමාන්‍ය රක්ෂණ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නියෝජිතයින්, විදුලි සංදේශ හවුල්කරුවන්, සාමාන්‍ය රක්ෂණ සංසදයේ (GIF) සාමාජිකයින්, සහ අලෙවි හා විකුණුම් සංසදයේ (MSF) සාමාජිකයින් සහභාගී වනු ඇත.

ඩිජිටල්කරණ මෝටර් රථ රක්ෂණයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම සුවිශේෂී දියත් කිරීම තුලින් රක්ෂණ කාඩ්පතක් වෙනුවට විද්‍යුත් රක්ෂණ කාඩ්පතක් පාරිභෝගිකයින් වෙත හිමිවනු ඇත. එමෙන්ම සාමාන්‍ය රක්ෂණ සමාම් 13ක් විසින් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් 500ක් පරිත්‍යාග කිරීමද සිදු වනු ඇති අතර එය නව අනතුරු කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට, එවේලේම සිදුකරන ඩිජිටල් වාර්තාකරණයන් ඉහළ නැංවීමට මෙන්ම මාර්ග ආරක්ෂණ කළමනාකරණය වැඩි දියුණු කිරීමටද  අවස්ථාව උදා කර දෙනු ඇත.

මීට අමතරව 2026 වසරේ ජනවාරි මස සිට USSD, SMS හෝ හරහා සරල හා පහසු තහවුරු කිරීමේ කේතයක් මඟින් (2252) මහජනතාවට ලබා ගත හැකි ජාතික රක්ෂණ සත්‍යාපන ක්‍රමවේදය (National Insurance Verification System) ඇතුලු ඩිජිටල් වැඩසටහන් රැසක් IASL විසින් හඳුන්වා දෙනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!