අද දින කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතරතුර කේබල් සමාගම්වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළයාමක් දක්නට ලැබිණි.
ඒසීඑල් කේබල් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරමින් 09%ක ප්‍රතිශතයකින් ඉහළ යන ලදී.
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 40,506ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,166ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 239ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,864ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 711
- සියරා කේබ්ල සමාගම රුපියල් මිලියනෙ 394
- කැලණි කේබල් බැංකුව රුපියල් මිලියන 265
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සියරා කේබල් සමාගම කොටස් මිලියන 10
- කේබල් සොලියුෂන් සමාගම කොටස් මිලියන 10
- රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 07
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඒසියා කැපිටල් සමාගම 25 %
- සෙලාන් මර්චන්ට් බැංකුව 14%
- ලීහෙජස් සමාගම 13 %
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 380
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 331
- ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 324
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 146ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 233ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 87ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ලාෆ් ගෑස් සමාගම රුපියල් මිලියන 45
- සියරා කේබල් සමාගම රුපියල් මිලියන 36
- සම්පත් බැංකුව රුපියල් මිලියන 29
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 52
- එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 32
- ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 27
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


