25.3 C
Galle

ස්විට්සර්ලන්තයේ ගින්නට හසු වී මියගිය පිරිස බද්දේගම දී සමරයි

Published:

ස්විස්ටර්ලන්තයේ ක්‍රාන්ස් මොන්ටානා ප්‍රදේශයේ පිහිටි අවන්හලක පසුගියදා ඇතිවූ ගින්නට හසුව මියගිය ස්විට්සර්ලන්ත ජාතිකයින් සිහිපත් කරමින් බෞද්ධ ආගමික වතාවත් පවත්වා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථානා කිරීම බද්දේගම ලෝටස් හිල් විශේෂ අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ දී සිදුකෙරිණි.

බද්දේගම ලෝටස් හිල් විශේෂ අධ්‍යාපන ආයතන ප්‍රධානී සාන්ත අන්නාසිවත්ත මහතා කාර්ය මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබිණි.

මේ සඳහා බද්දේගම දුටුගැමුණු රාජමහා විහාරාධිපති වැලිවිටියේ සුමන හිමියයන්, බානගල ගුණරතන හිමියන් සහභාගී වූ අතර විශේෂ අධ්‍යාපන ආයතනයේ නේවාසික දරුවන් සහ ආචාර්ය මණ්ඩලය ද සහභාගී විය. බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී ලියනගේ ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

ස්විට්සර්ලන්ත ජාතිකයින් පිරිසක් විසින් බද්දේගම ලෝටස් හිල් විශේෂ අධ්‍යාපන ආයතනය 2009 වර්ෂයේ බද්දේගම ඉඳිගස්කැටිය ප්‍රදේශයේ ආරම්භ කරන ලද අතර එතැන් පටන්   මේ දක්වා එහි කටයුතු කළමණාකරණය කරනු ලබන්නේ ස්විට්සර්ලන්ත ජාතිකයින් විසින් මෙහෙයවනු ලබන  “දාන” නැමැති සංවිධානයක් විසිනි.

Related articles

Recent articles

error: Content is protected !!