25.3 C
Galle

මතුගම සභාපති රිමාන්ඩ්

Published:

මතුගම ප්‍රාදේශීය සභාවේ ලෙක්ම්වරියට පහරදුන්නා යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ අද (02) යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ලබන 08 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් එන්.එන්.නානායක්කාර අද (02) නියෝග කළාය.

සභාපතිවරයා තමන්ට පහරදුන් බවට ලේකම්වරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරී සුරේෂ් ජයසේකර දෙදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියමකර වැඩබලන මහේස්ත්‍රාත් චන්දන කුරුප්පුආරච්චි විසින් මුදාහරින ලදී. ඔවුන් දෙදෙනාට පෙබරවාරි 02 වැනි දා යළි අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබිණි.

ලේකම්වරිය අද (02) රාජකාරියට පැමිණි අවස්ථාවේ දී ඇයට ඇගේ කාර්යාලයේ යතුර භාරදීම සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවේන නැවත ලේකම්වරිය මතුගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය පැමිණ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සභාපතිවරයා දිගින් දිගටම කියා සිටියේ පළාත් පාලන කොමසාරිස් විසින් සභා ලේකම් ධූරයේ වැඩ බැලීම සඳහා වෙනත් අයකු පත්කර ඇති බැවින් ඇයට යතුරු භාර නොදුන් බවයි.

සභාපතිවරයා සමගි ජන බලවේගයේ නියෝජිතයෙකි.

Related articles

Recent articles

error: Content is protected !!