25.3 C
Galle

පහර දී දරුවකු ඝාතනය කරලා

Published:

අමානුෂික ලෙස පහරකෑමට ලක් වූ 14 හැවිරිදි පිරිිමි දරුවකු මියගොස් ඇතැයි නූරිය පොලිසිය පවසයි. නූරියවත්ත දෙවැනි පියවරේ දී මෙම දරුවාට පහරදීම සිදුව ඇත.

ඊයේ (02) රාත්‍රී දරුවකුට පහර දී වැටී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව නූරිය පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී එම දරුවා නිවසක් ඉදිරිපිට වැටී සිට ඇත. එම දරුවා නූරිය රෝහලට රැගෙන ගිය ද ඒ වනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

දරුවාගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකරන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) අවිස්සාවේල්ල රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

දරුවාට පහරදුන් බවට සැකපිට එම දරුවාගේ ම පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!