නව රියදුරු බලපත්‍ර 240,000ක් මුද්‍රණය කර බෙදාහැරීමට කටුයතු ආරම්භ කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසයි.
රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා අවශ්‍ය කාඩ්පත් ලක්ෂ 08ක් මේ වනවිට ලැබී ඇති බැවින් ඒවායේ මුද්‍රණ කටයුතු සිදුවෙමින් පවතී.
මේ වනවිට තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දී ඇති සියලු දෙනාට වලංගු රියදුරු බලපත්‍ර පෙබරවාරි 28 වැනි දින වනවිට ලබාදීමට කටයුතු කරන බවයි.
එලෙස තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දී තිබූ ප්‍රමාණය 450,000ක් පමණ වෙයි.


