සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් අද (05) මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් අද ඉන්දීය නිවහනේ දී පැවැත්විණි.
මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ විශාල හානිය හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය රජයත්, ඉන්දීය ජනතාවත් ශ්‍රී ලංකාවට දුන් සහාය පිළිබඳ මන්ත්‍රීවරයා මෙහි දී සිය ස්තූතිය පිරිනැමුවේ ය.
විශේෂයෙන්ම ආපදාවට ලක් වූ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වලට ලබාදුන් සහය සහ පසු ආපදා තත්ත්වයේදී අත්‍යවශ්‍ය සේවා, ආහාර, ඖෂධ පරිත්‍යාග කිරීමත්, මේ මෙහොතේත් සිදු කරමින් යන මහා මාර්ග පිළිසකර කිරීම් හා තාවකාලික පාලම් ඉදිකිරීමේ කටයුතු හරහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ලබාදෙන දායකත්වය පිළිබඳවත් කාවින්ද ජයවර්ධන මෙහි දී විශේෂ ඇගයීමක් ද සිදුකර ඇත.
එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් විසින් ලංකාවට පිරිනැමූ ඩොලර් මිලියන 450ක මුල්‍ය පහසුකම් පිළිබඳවත් කෘතවේදීත්වය ඵල කළ මන්ත්‍රීවරයා, නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදීමට සඳහා විශේෂ ලිපියක්ද ඉන්දියානු මහ කොමසාරිස්වරයා වෙත භාර දුන්නේය.
අසල්වැසියා පළමුව යන සංකල්පය අනුව ඉන්දියාව සෑම අවස්ථාවක දී ම කටයුතු කරන බව මෙහි දී මහකොමසාරිස්වරයා මන්ත්‍රීවරයාට පැවසුවේ ය.


