සිය පවුලේ අය සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් පෙට්‍රල් දමා නිවසට ගිනි තැබූ පුද්ගලයකු සහ නිවසේ සිටි ඔහුගේ දියණිය ගින්නට හසුව මියගොස් ඇතැයි පොලිසිය ගියයි. මියගිය දියණිය 13 හැවිරිදි වියේ පසු වූ අතර මියගිය සැකකරු 43 හැවිරිදි අයෙකි.
ගලෙන්බිඳුණුවැව, නුවරගම් කොළණිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ දී අද (06) අලුයම 2.00ට පමණ එම පුද්ගලයා විසින් නිවසට ගිනි තබා ඇත.
ගින්නට හසුවු 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.
නිවසට ගිනි තබන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් වන අතර, පිරිමි දරුවා සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණ තිබේ. පසුව මව සහ සහෝදරියන් බේරාගැනීමට යෑමේ දී 20 හැවිරිදි පුත්‍රයා ද පිළිස්සුම් තුවාල ලබා ඇත.
ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නිතර මත්පැන් පානය කර බිරිඳට පහරදීම් සිදුකරන බවත් ඔවුන් අතර පවතින ආරවුල් හේතුවෙන් අවස්ථා කිහිපයකදී ගලෙන්බිඳුණුවැව පොලීසිය වෙත පැමිණිලි ලැබී ඇත. ඒ සෑම අවස්ථාවක දී ම පොලිසිය ඔවුන්ට අවවාද කර ආරවුල් සමථයකට පත්කර ඇත.


