කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 42,887ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,594ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 278ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 33,292ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 715
- සම්පත් බැංකුව රුපියල් මිලියනෙ 353
- රේණුක ඇග්‍රි සමාගම රුපියල් මිලියන 326
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 24
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 08
- ඒසියා ෂියාකා සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඒසියා ෂියාකා සමාගම 22 %
- කාර්ගෝ බෝට් සමාගම 16%
- සිලෝන් ටී බ්‍රෝකර් සමාගම 13 %
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 390
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 346
- ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 325
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 125ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 133ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 08ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 84
- ලාෆ් ගෑස් සමාගම රුපියල් මිලියන 10
- ලාෆ් ගෑස් සමාගම (X) රුපියල් මිලියන 06
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- පික් මී සමාගම රුපියල් මිලියන 36
- එච්ඩීඑෆ්සී බැංකුව රුපියල් මිලියන 21
- ලංකා මිල්ක්ෆුඩ් සමාගම රුපියල් මිලියන 20
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


