බෙංගාල බොක්කේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24ක කාලයේ දී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසටට පැමිණෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
මෙහි බලපෑම හේතුවෙන් මාතර සිට පොතුවිල් හරහා ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවන බවත්, දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල ද සවස් කාලයේ දී හේ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊසාන දෙසින් හමා එන සුළඟේ වේගය පැයට කිලෝමීටර 30-40 පමණ වනු ඇත. බේරුවල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා ඉහළ යනු ඇත.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉක්මවා යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව පවසයි.
බෙංගාල බොක්කේ ඇති වී තිබෙන මෙම අයහපත් කාලගුණික තත්වය සම්බන්ධයෙන්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙස ද රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.


