ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර විස්සයි 20 තරඟාවලිය අද (07) ආරම්භවීමට නියමිතය.
තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ සියලු තරඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
පාකිස්තාන විස්සයි20 කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් සඳහා මෙලෙස එක්වන්නේ වසර 11කට පසුවයි.
මෙම විස්සයි20 තරගාවලියට සඳහා දඟ පන්දුයවන ක්‍රීඩක ට්‍රැවින් මැතිව් පළමුවරට ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතයට කැඳවා ඇති අතර චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේද යළි විස්සයි 20 සචිතයට කැඳවා තිබේ.
ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර දඹුල්ලේදී අද ආරම්භ වන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ ආදායම ද ‘Rebuilding Sri Lanka අරමුදලට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.
අද රාත්‍රී 7.00ට පළමු තරඟය ආරම්භ වේ.


