25.9 C
Galle

නව නීති සමගින් කොටස් වෙළෙඳ පොළ ඉහළට

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සම්පූර්ණයෙන් අත්හිටුවීමෙන් පසු අද (08) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු වල දී අලුතෙන් ගනුදෙනුවන කොටස් හිමි සමාගම්වල පළමු දිනයේ වෙළෙඳ පොළ ඇණවුම් යෙදීම සම්පූර්ණයෙන් නතර කර ඇති අතර ඒ අනුව අද සාමාන්‍ය පරිදි ගනුදෙනු සිදුවිය.

දිනයේ ගනුදෙනු 66,510ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 12,328ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 234ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,547ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ෂෝවොලස් සමාගම රුපියල් මිලියන 3,956
  • වෙල්ත් ට්‍රස්ට් සමාගම රුපියල් මිලියන‍ෙ 1,166
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 976

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • වෙල්ත් ට්‍රස්ට් සමාගම කොටස් මිලියන 65
  • ෂෝවොලස් සමාගම කොටස් මිලියන 18
  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 12

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • වෙල්ත් ට්‍රස්ට් සමාගම 167%
  • එස්එන්බී ලීසිං සමාගම (x)  33%
  • ඩර්ඩ්න්ස් රෝහල් සමාගම 15 %

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 396
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 351
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 327

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 1,308ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 2,983ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,674ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 53
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 41
  • පික් මී සමාගම  රුපියල් මිලියන 12

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ෂෝවෙලස් සමාගම  රුපියල් මිලියන 1,708
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 18
  • සීඅයිසී සමාගම (x) රුපියල් මිලියන 12

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!