මහනුවර උඩුදුම්බර ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් සිදවු ඇතැයි වාර්තා වේ. අද (08) සවස 5.05ට පමණ මෙය සිදුව ඇත.
භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරන්නේ රිච්ටර් මාපකයේ 2.2ක් ලෙස සටහන්ව ඇති එම කම්පනය පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවයි.
මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට මෙම කම්පනය හොඳින් දැනී ඇති අතර මඩුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩය යන ප්‍රදේශවල ජනතාවට ද එය දැනී ඇතැයි වාර්තා වේ.


