28.4 C
Galle

බදුල්ලේ පාසල් වෙලාසනින් වසා දමයි

Published:

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (09) උදෑසන 11.00ට වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ආපදා තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් දරුවන් සහ ගුරුවරුන් මෙලෙස වේලාසනින් නිවෙස් වෙත යැවීමට කටයුතු කර තිිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව මෙම පියවර ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!