24 C
Galle

පැන ගිය ආසාදිත කාන්තාව තවමත් සොයාගෙන නෑ

Published:

කොළඹ අයිඩීඑච් රෝහලින් පැන ගිය කොරෝනා ආසාදිත වූ කාන්තාව මෙතෙක් සෙයා ගැනීමට හැකියාවක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම කාන්තාව වයස අවුරුදු දෙකහමාරක් වූ සිය පුතු සමඟ 19 වැනි දා රාත්‍රී රෝහලෙන් පැන ගොස් තිබිණි. කාන්තාවට සහ ඇගේ පුත්‍රයාට ද කොරෝනා ආසාදනය වී තිබූ බව තහවුරු කරගැනීම හේතුවෙන් මෙලෙස රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර සඳහා යොමුකර තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (20) උදෑසන එම දරුවා ඇගේ ඥාති නිවසක සිටිය දී පොලිසිය විසින් සොයාගෙන යළි දරුවා ප්‍රතිකාර සඳහාත් එම නිවැසියන් නිරෝධායනයටත් යොමුකර තිබේ.

කාන්තාව සොයා ඇහැළියගොඩ සහ කිරිඇල්ල පොලිස් ස්ථාන මිගන් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා කාන්තාව සොයාගැනීමට මෙහෙයුම් දියත්කර ඇතත් මේ දක්වාම ඇය සොයාගැනීමට හැකිවී නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!