24.7 C
Galle

අබිරහස් ලෙස මියගිය දරුවාගේ සිරුර යළි ගොඩ ගනී

Published:

කෑගල්ල දැරණියගල, නූරි වත්තේදී පසුගිය ජනවාරි 02 වැනිදා මියගිය 14 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මළ සිරුර අද (12) අධිකරණය නියෝගයකින් යළි ගොඩට ගැණිනි.

මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට එම දරුවාගේ මව සහ පියා පොලිස් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති බැවින් ඔවුන් දෙදෙනා කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටියි. මේ අතර මරණය පිළිබඳ පවතින සැකයක් හේතුවෙන් එය නැවත ගොඩ ගෙන ඇත.  

දරුවාගේ මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින බව පවසමින් ඔහුගේ ඥාතීන් සහ නූරි වත්තේ ජනතාව පසුගිය 06 වැනිදා වතුයායේ විරෝධතාවයක නිරත වූහ. දරුවාගේ මරණය පිටුපස ඇති සත්‍යය අනාවරණය විය යුතු බවත්, විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔවුහු එහිදී ඉල්ලා සිටියහ.

මරණයට නිශ්චිත හේතුව සෙවීමේ අරමුණින්, අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ අද සිරුර ගොඩගෙන යළි  පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!