24.7 C
Galle

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයට අධිකරණයෙන් කොන්දේසි

Published:

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසක් විසින් අද (12) ආරම්භ කළ විරෝධතාවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොන්දේසි නික්තු කර තිබේ.

තලංගම පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් බී.ඒ.ඒ.අයි.බුද්ධදාස විසින් එම නියෝග නිකුත් කර ඇත.

පුරවැසියකුට හිමි භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අධිකරණය පිළිගන්නා නමුත් එම අයිතිවාසිකම් භුක්ති විඳීමේ දී සෙසු පුරවැසියන්ට පීඩාව්ක නොවිය යුතු බව ද එම නියෝගයේ සඳහන් කර තිබේ. උසස් පෙළ විභාගයට පෙනී සිටිින දරුවන්ට සහ විභාග කටයුතුවල නිරත නිලධාරීන්ට බාධාවක් නොවන පරිදි කටයුුතු කරන ලෙසත්, ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ශබ්දය උත්පාදනය කරන යන්ත්‍ර භාවිතා නොකරන ලෙසත් එම නියෝගයෙන් කොන්දේසි පනවා තිබේ.

එමෙන් ම විරෝධතාව සාමකාමී විය යුතු බවත්, මජන සාමයට බාධාවක් නොවිය යුතු බවත්, පැලවත්ත – පන්නිිපිටිය මාර්ගයේ ගමන් කරන මජනතාවට, රථවාහනවලට හෝ පදිකයන්ට බාධාවක් නොවන පරිදි මාර්ගය නිදහසේ තැබිය යුත බවත් කොන්දේසිවල දක්වා ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රවේශ දොරටුවලට සහ මාර්ගවලට බාධා නොකළ යුතු අතර, කිසිදු ලෙසකින් එම පරිශ්‍රයන් තුළට බලහත්කාරයෙන් ඇතුළු නොවිය යුතුය.
පොදු දේපළවලට කිසිදු ආකාරයක අනර්ථයක් සිදු කිරීමෙන් වැළකී සිටිය යුතුය.

Related articles

Recent articles

error: Content is protected !!