24.7 C
Galle

ජෝන් කීල්ස් සමාගමේ වටිනාකම බිලියන 400 ඉක්මවා යයි

Published:

කොටස් වෙළෙඳ පොළ අද (12) ගනු දෙනු අතරතුර දී ශ්‍රී ලංකාවේ වටිනාම සමාගම බවට ජෝන් කීල්ස් සමාගම පත්විය. දිනයේ ගනුදෙනු අවසන්වනවිට එම සමාගමේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 405ක් ලෙස සටහන් විය. රුපියල් බිලියන 400 සීමාව ඉක්මවා සමාගමක වටිනාකම ඉහළ ගියේ කාලයකට පසුව වීම ද විශේෂත්වයකි.

දිනයේ ගනුදෙනු 41,533ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,211ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 45ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,608ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 397
  • ජෝන් කීල්ස් රුපියල් මිලියන‍ෙ 389
  • රෝයල් සෙරමික් රුපියල් මිලියන 368

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 17
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්ම්න්ට් සමාගම කොටස් මිලියන 13
  • එච්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 33%
  • යෝර්ක් ආකේඩ් සමාගම 23%
  • ටෙක්ස්ට් ඇග්‍රෝ සමාගම (X) 20 %

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 405
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 357
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 327

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 240ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 276 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 36ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 158
  • පික් මී සමාගම රුපියල් මිලියන 35
  • කොටපොළ වැවිලි සමාගම  රුපියල් මිලියන 09

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කාර්ගීල්ස් සිලෝන් සමාගම  රුපියල් මිලියන 160
  • එල්ඕඑල්සී සමාගම  රුපියල් මිලියන 43
  • විදුලංකා සමාගම රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!