24.7 C
Galle

රිය අනතුරු තුනකින්, අට දෙනකු මරුට

Published:

පරන්තන් – මුලතිව් ප්‍රධාන මාර්ගයේ මොරසුමෝටෙයි ප්‍රදේශයේ දී අද (12) සවස බස් රථයක් සහ කාරයක් එකිනෙක ගැටීමෙන් පුද්ගයන් සිව් දෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුරට පත් මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් පිරිමි පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇති අතර තවත් අයකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙලෙස මියගොස් ඇත්තේ, විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 32, 34 හා 46 වයස්වල පුද්ගලයින් සිව්දෙනෙකි. බස් රථයේ රියැදුරුද ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇත. 

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු මියගොස් ඇත.

මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මේ අතර ඔයාමඩුව පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අද (12) දහවල් 1.30ට පමණ එම අනතුර සිදුව ඇති බව ඔයාමඩුව පොලීසිය පවසයි.

ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරින් මියගොස් ඇත්තේ, ත්‍රිරෝද රථයේ රියදුරු බව පොලීසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!