දැනට ආරම්භ කර ඇති 06 වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට ලක්කර 2027 වර්ෂයේ දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ.
එසේ වුව ද 01වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැළසුම් කළ පරිදි 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය.
ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ විමර්ශන වාර්තාව තුළින් ලද ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් අදාළ සිදුවීම වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව,
1. මානව සම්පත් සංවර්ධනය
2. යටිතල පහසුකම් සංවර්ධනය හා පරිපාලන ප්‍රතිසංස්කරණ
3.තක්සේරු සහ ඇගයීමේ කටයුතු
4. විෂයමාලා සංවර්ධනය
5. මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය යන ප්‍රධාන කුලුනු 05ක් මත අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු එලෙසම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පවසයි.


