හෝර්ටන් තැන්නේ දී කෘමි සතුන් එකතු කළ ඇමෙරිකානු ජාතික යුවළකටරුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම කළ නුවරඑළිය මහේස්ත්‍රාත් ඔවුන් දෙදෙනාගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරමින් රටින් පිටවීම වළක්වා ඇත. එම නඩුව ලබන 26 වැනි දා යළි කැඳවීමට නියමිතය.
හෝර්ටන් තැන්න ලෝකාන්තය ප්‍රදේශයේ දී විදේශීය යුවළ කෘමි සතුන්ගේ සාම්පල එකතුකර රසායනික ද්‍රව්‍ය වල බහා රැගෙන යාමට තැත්කර ඇති අතර ඔවුන් දෙදෙනා හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 11 වැනි දා සවස් කාලයේ දී ය.
සංචාරකයන්ගේ ගමන්මළු පරීක්ෂා කිරීමේ දී මෙම සතුන් එකතු කළ රසායනික ද්‍රව්‍ය සහිත බෝතල් සහ එවැනි කුඩා සතුන් අල්ලන උපකරණ හමුවී ඇත.
හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු වන එම්. එම්. කේ. මොරතැන්නගේ උපදෙස් හා අධීක්ෂණය මත හෝටන්තැන්න ජාතික උද්‍යානයේ නිලධාරීන් සමග හක්ගල අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි ආරක්ෂකවරයා විදෙස් ජාතිකයින් නැවතී සිටි නුවරඑලිය නගරයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයකට ගොස් පරික්ෂා කර ඇති අතර එහි දී ඔවුන් නැවතී සිටි කාමරයේ තිබී මෙරටට ආවේණික තවත් කෘම සතුන්ගේ සාම්පල 15ක් පමණ සහ රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
වනජීවී භාරයට ගත් කෘමි සාම්පල් 15ක් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත යවා වාර්ථාවක් කැඳවා එම වාර්ථාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු වෙත අධිකරණයෙන් නියම කෙරිණි.


