කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 38,543ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,940ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 0.7ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,607ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සියරා කේබල් සමාගම රුපියල් මිලියන 265
- සීඩීබී සමාගම රුපියල් මිලියනෙ 258
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 249
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 17
- ඊඑම්එඑල් කන්සල්ටන් සමාගම කොටස් මිලියන 09
- සියරා කේබල් සමාගම කොටස් මිලියන 07
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- යෝර්ක් සමාගම 50%
- ඊඑම්එල් කන්සල්ටන්ස් සමාගම 21%
- ඇක්මි සමාගම 21 %
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 396
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 357
- ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 327
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 89ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 67 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 22ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- පික් මී සමාගම රුපියල් මිලියන 24
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 21
- සම්පත් බැංකුව රුපියල් මිලියන 15
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 23
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 09
- ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 05
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


