කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 50,313ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 9,265ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 100ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,708ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 1,697
- ඒසීඑල් කේබල් රුපියල් මිලියනෙ 516
- සම්පත් බැංකුව රුපියල් මිලියන 416
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 51
- එල්සීබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 34
- යෝර්ක් ආකේඩ් සමාගම කොටස් මිලියන 18
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සීඩබ්ලිව් මැකී සමාගම 25%
- යෝර්ක් ආකේඩ් සමාගම 24%
- ඇක්මී සමාගම 24 %
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 398
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 357
- ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 327
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 536ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 2,250ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,714ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 44
- සියරා කේබල් සමාගම රුපියල් මිලියන 35
- සම්පත් බැංකුව රුපියල් මිලියන 15
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 1,301
- කාගීල්ස් සිලෝන් සමාගම රුපියල් මිලියන 240
- හේලීස් සමාගම රුපියල් මිලියන 100
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


