24 C
Galle

ගාල්ලේ කිසිවෙකුට කොරෝනා නෑ

Published:

ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයන් සහ නගරයේ දී අහඹු ලෙස හමුවූ පුද්ගලයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ 492ක් අතරින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදනය වූ දෙදෙනකු ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගොස් ඇති බවට තොරතුරු ලැබීම හේතුවෙන් ඊයේ (20) දිනයේ දී මෙලෙස පීසීආර් පරීක්ෂණ සිදුකරන ලදී. එම පරීක්ෂණ වාර්තා අද (21) සවස කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය මගින් නිකුත් කර තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!