හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්න්දන ගුණතිලක අද (18) අලුයම අභාවප්‍රාප්ත වූයේ ය.
රෝගාතුරව සිටි ඔහු රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියයන විට 63 වැනි වියේ පසු වූයේ ය.
ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වූයේ ය. 87-89 සන්නද්ධ අරගලයෙන් පසු පක්ෂය යළි ගොඩනැගීමේ ක්‍රියාවලියේ මූලිකයකු වූ නන්දන ගුණතිලක පසුව එම පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලමේන්තුවට පිවිස තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍යධූරය ද හෙබවූයේ ය. අනතුරුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වී පානදුර නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ද තේරී පත්විය.
වර්තමානයේ දී ද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේග රජය දැඩි ලෙස විවේචනය කළ නන්දන ගුණතිලක පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට විරුද්ධව ද දැඩි හඬක් නැගූ අයෙකි.


