27.3 C
Galle

ටිපර් රථයෙන්, තරුණයන් මරා දැමීමට තැත් දැරුවාද ? සැකයක්

Published:

කිලිනොච්චියේ දී පුද්ගලයකුට මරු කැඳවූ ටිපර් රථයකට, එලෙස මියගිය පුද්ගලයාගේ ම සොහොයුරා ද යට වී තුවාල සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම අනතුරු දෙක ම සිදු වූ යේ මිනී මැරීමට තැත් කිරීමෙන් ද යන්න පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රදේශවාසීහු කිලිනොච්චිය පොලිසියෙන් ඉල්ලා සිටියි.

ප්‍රදේශයේ සිදුකෙරෙන වැලි ජාවාරමකට එරෙහිව කටුයුතු කළ තරුණයකු මීට පෙර එම ටිපර් රථයට යට වී මියගියේය. නොවැම්බර් මාසයේ දී එම අනතුර සිදු වූ අතර අනතුරට සම්බන්ධ නඩුව විභාග වෙමින් පවතින අතරතුර පොලිසිය භාරයේ තිබූ ටිපර් රථය නිදහස් කර තිබිණි. එම රථය වෙනත් රථයක ආධාරයෙන් මාර්ගයේ ඇදගෙන යමින් සිටිය දී කලින් මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරා ද එම රථයටම යට වී අනතුරට ලක්ව ඇත.

අනතුර හේතුවෙන් ඔහුට තුවාල සිදුව නැතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය හිතාමතා සිදුකළ අනතුරක් බවයි.

Related articles

Recent articles

error: Content is protected !!