27.3 C
Galle

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටු දෙකක් නාවික හමුදාවෙන් රැගෙන එයි

Published:

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටින බවට සැකපිට දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙකක සැකකරුවන් 11 දෙනා මේ වනවිට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදාව පවසයි.

දිගුදුර මෙහෙයුම් යාත්‍රා යොදා ගනිමින් එම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය විසින් ලබාදුන් තොරතුරකට අනුවය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පවසන්නේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ එක් යාත්‍රාවක පුද්ගලයන් 05 දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයන් 06 දෙනකු සිටි බවයි. මෙම යාත්‍රාවල මත්ද්‍රව්‍ය කිලෝ 270ක් පමණ ඇතැයි සැක කෙරේ.

නාවික හමුදා භාරයට ගත් යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!