29.4 C
Galle

වෛද්‍යවරුන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක

Published:

රජයේ වෛද්‍ය නිලධාරීවරුන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

අද (26) උදෑසන 8.00 සිට මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජය වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට අසමත්ව ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීණ්ගේ සංගමය පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් පසුගිය 23වැනි දා ආරම්භ කරන ලදී. එම සංකේත වර්ජනය ඊයේ (25) උදෑසන 8.00ට අවසන් වූ අතර ඉන් පසු රෝහල්තුළ දෛනික ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක විය.

නමුත් අද උදෑසන යළි වර්ජනය ආරම්භ කර ඇත. ඒ අනුව රෝහල් පද්ධතියේ නොමැති ඖෂධ ඔසුසැල්වලින් මිල දී ගැනීමට අදාළ තුණ්ඩු නිකුත් කිරීමෙන් වැළකී සිටින වෛද්‍යවරු තවත් සේවාවන් 05කින් වැළකී සිටියි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසන්නේ මෙම අසාධාරණ වර්ජනය හේතුවෙන් රෝගීන් බිල්ලට ගන්නේ නම් ඊට අදාළව අවම බලය භාවිතා කිරීමට රජය කිසිසේත්ම පසුබට නොවන බවයි.

Related articles

Recent articles

error: Content is protected !!