විගණකාධිපති ධූරයට පත්කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 05 වැනි වතාවටත් නමක් යෝජනා කර තිබේ.
ඒ පිළිබඳ අධ්‍යයනය කර පෙබරවාරි 03 වැනි දා අවසන් තීරණයක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කර ඇතැයි සභානායක බිමල් රත්නායක පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (31) රැස්වීමට නියමිතව තිබුණ ද, මෙම තීරණය ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව අඟහරුවාදා (03) රැස්වන බව ද හෙතෙම කීවේය.
“ජනාධිපතිවරයා නව නමක් ඉදිරිපත් කර තිබෙනවා. එය අධ්‍යයනය කිරීමට සාමාජිකයන්ට යම් කාලයක් අවශ්‍යයි. ඒ නිසා පාර්ලිමේන්තුව රැස්වන පෙබරවාරි 03 වන දින අපි මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍ය රත්නායක වැඩිදුරටත් පැවසීය.


