29.4 C
Galle

නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

Published:

නව විගණකාධිපතිවරයා ලෙස රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය විගණකාධිපති වශයෙන් කටයුතු කළ සමුදිකා ජයරත්නගේ නම අනුමත කිරීමට අද (03) රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තිරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම නම යෝජනා කර තිබිණි. අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව එම නම ඒකමතිකව අනුමත කළ බව ද දැනගන්නට ඇත.

රජයේ විගණකාධිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා කිහිපයකදීම රැස්වූ නමුත්, එම අවස්ථාවල දී ජනාධිපතිවරයා නම්කර එවූ අය සඳහා අනුමැතිය ලබා දී තිබුණේ නැත. මේ නිසා දීර්ඝ කාලයක් රජයේ විගණකාධිපති ධූරය හිස්ව පැවතිණි.

Related articles

Recent articles

error: Content is protected !!