කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ගනුදෙනු 45,331ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 11,114ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 34ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,768ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 4,319
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියනෙ 1,516
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 710
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 194
- ලුමිනෙක්ස් සමාගම කොටස් මිලියන 26
- යුනියන් ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 22
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඇක්මී සමාගම 74%
- ලුමිනෙක්ස් සමාගම 46%
- සෙංකඩගල ෆිනෑන්ස් සමාගම ( R ) 40%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 401
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 365
- ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 329
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 4,223ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 5,254ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1,030ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ලුමිනෙක්ස් සමාගම රුපියල් මිලියන 09
- සම්පත් බැංකුව රුපියල් මිලියන 08
- ඇක්සස් ඉංජිනියරින් සමාගම රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 685
- ටෙක්සර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 103
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 69
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


