කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 52,923ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5029ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 521ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,418ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 591
- සොෆ්ට් ලොජික් කැපිටල් මිලියන 323
- ඒසීඑල් කේබල් මිලියන 291
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සිලෝන් ලෑන්ඩ් ආර් කොටස් මිලියන 32
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 31
- කාර්ගිල්ස් බෑන්ක් ආර් කොටස් මිලියන 24
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් 33%
- මල්වත්ත වැවිලි සමාගම එක්ස් 8%
- කැලී ඔප්ටිමම් ෆන්ඩ් 5%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 334
- ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 318
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 314
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 47ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 152ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 105ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 19
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 05
- රිචඩ් පීර්ස් සමාගම රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලෝග් ආසියාටා රුපියල් මිලියන 20
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 17
- රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 16
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


