වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට (19) දින සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසයි.
එම නව ක්‍රමවේදය අනුව, වාහන අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ හෝ බිංදුව (0, 2, 4, 6, 8) වන වාහන සඳහා ඉරට්ටේ දිනවලදී ඉන්ධන ලබාගැනීමට හැකිවේ.
අවසන් අංකය ඔත්තේ (1, 3, 5, 7, 9) වන වාහන සඳහා, ඔත්තේ දිනවලදී පමණක් ඉන්ධන නිකුත් කෙරෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ක්‍රමවේදය හරහා පවතින ඉන්ධන හිඟය හමුවේ සැපයුම සමාන්‍යකරණය කිරීමත්, දිගු පෝලිම් හා අනියම් භාවිතය අවම කිරීමත් අපේක්ෂා කරන බවද වාර්තා වේ.
රටපුරා පවතින ඉන්ධන අර්බුධය මධ්‍යයේ හඳුන්වා දෙන ලද මෙම පියවර, මහජනතාවට සමානව ඉන්ධන ලබාදීමට උපකාරී වන ක්‍රමයක් ලෙස බලධාරීන් විශ්වාස පළ කරයි.


