අද (19) පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක මිලිමීටර් 50ට වැඩි වැසි අපේක්ෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
මේ අතර, පුත්තලම සිට මාතර දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල (මන්නාරම, කංකසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකළපුව සහ හම්බන්තොට හරහා) ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සඳහන් වේ.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20–30 අතර පවතින අතර, දිවයින වටා මුහුද සාමාන්‍යයෙන් සන්සුන් තත්ත්වයේ පවතියි. කෙසේවුවද ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං හා රළු මුහුදු තත්ත්වයන් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික ් සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දී ඇත.


